(සිවුවන සංස්කරණය) මීට පැය කිහිපයකට පෙර සිට මන්නාරම නගරයේ ජනතාව හර්තාල් ක්‍රියාමාර්ගයකට අවතීරණයවී ඇතැයි වාර්තාවේ.
මන්නාරම දිසා අධිකරණ විනිසුරුවරයා වහාම ඉවත්කරන ලෙස බල කරමින් ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.
පරණ කොටුව ධීවර වරායේ පවත්වාගෙන ගිය මාළු වාඩි කඩා ඉවත් කර එයින් ජීවනොපාය මාර්ගයන් ලසා ගනිමින් සිටි දෙමළ ජනතාවද ඉවත් කර මුස්ලිම් ජනතාව පදිංචිකරවා ඇත. මෙය අමාත්‍ය රිෂාඩ් බදුඋදීන්ගේ මැදිහත්වීම මත සිදුවී ඇති අතර පසුව එහි සිට ජනතාව අධිකරණය වෙත ගොස් තිබේ. එහිදී නැවත එම දෙමළ ජනතාවටම මෙහි රැකියාව හිමිවී ඇත. නැවත ඇමතිවරයාගේ මැදිහත්වීම මත අධිකරණ නියෝග නොතකා එම මුස්ලිම් ජනතාව පදිංචිකිරවීමට ගත් උත්සහ කිරීම නිසා අද අළුයම සිට මෙලෙස හර්තාල් ආරම්භ කර ඇත.
මේ මොහොත වන විට ජනතාව ඉතා උනුසුම් ආකාරයේ උද්ඝොෂණයේ නිරතව සිටින අතර මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බවත් ගමණා ගමණය අඩාල වී ඇති බවත් වාර්තාවේ.









