උපාධිධාරීන් 60,000 ක් අද පාරට

රටපුරා 60,000 කට ආසන්න උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් ඉල්ලා අද (31) කොළඹ දී උද්ඝෝෂණ පා ගමනක් හා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව රැකියාලාභී උපාධිධාරී සංගමය පවසා ඇත.

එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසා ඇත්තේ රාජ්‍ය සේවාව තුළ MN 04 ආශ්‍රිත සේවාවට අයත් උපාධිධාරීන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ බලධාරීන් සමග කළ සාකච්ඡා අසාර්ථක වූ බැවින් 60,000 කට ආසන්න උපාධිධාරීන්ට සහ ඉදිරියේදී බඳවා ගැනීමට නියමිත සියලුම උපාධිධාරීන්ට සෘජුවම බලපාන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාගැනීම සඳහා මෙම උද්ඝෝෂණ පවත්වන බවයි.

ඒ අනුව අද (31) පෙරවරු 11.00 ට සිය වෘත්තීය අයිතිවාසිකම් වහා ලබාදෙන ලෙස බලකරමින් උද්ඝෝෂණ පා ගමනකින් බොරැල්ල කැම්බල් පිටියේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ගොස් එහිදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත්ය.

Facebook
Twitter
LinkedIn