හමුදා නියෝගයෙන් කන්තලේ ගොවි සංගම් කැඳවෙයි

හමු‍දාවේ උසස් නිලධාරියෙකුගේ නියෝගයක් මත ආයතන සංවර්ධන නිලධාරීවරයා විසින් කන්තලේ ප්‍රදේශයේ සියළුම ගොවි සංගම් නියොජිතයින් කන්තලේ ප්‍රාදේශීය ලෙක්ම් කාර්යලයේ ශ්‍රවනාගාරයට කැඳවා තිබේ.

ඒ අනුව හෙට (31) සවස 2.00ට තම ගොවි සංගම්වල තවත් ගොවි නියෝජිතයින් පස්දෙනෙකු සමග එම රැස්වීම සඳහා පැමි‍ණෙන ලෙසත් එම සාකච්ඡාවට උසස් හමුදා නිලධාරීන් පැමිණෙන බවත් අද (30) පෙරවරුවේ දැනුම් දී ඇත.

කන්තලේ වැවට සී – ප්ලේන් ව්‍යාපෘතියක් යොජනා කර ඇති බවත් මෙය තම වගාවන් සඳහා මහත් පීඩාවක් වන බැවින් ඊට විරුද්ධ විය යුතු බවත් බහුතරයක් ගොවි සංගම් විසින් තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ වනවිට වැව් ඉස්මත්තේ ඇති ගොඩනැගිල්ලක් නාවික හමුදා නිලධාරීන් යොදා අවන්හලකට ගැලපෙන ආකාරයට පිලිසකර කරවමින් පවතින බවත් එම ගොවි සංගම් නියොජිතයෝ චෝදනා කරති. මෙම ගොඩනැගිල්ල කලක් හමුදා කඳවුරක් ලෙස පාවිච්චිකර ඇති අතර පසුව මාර්ග සංවර්ධන අධිකාරියට පවරාදී ඇත.

කෙසේ නමුත් ගොවි සංගම්වල මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පසුගියදා කන්තලේ ගඟතලාව ගොවි සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ව පැවැත්වූ අක්බෝපුර යුනිට් 19 ගොවි හමුවට පැමිණි යුදහමුදාවෙ කැප්ටන්වරයෙකු සහ නිලධාරියෙකු එම ගොවි හමුව පැවැත්වීමට අදාළව කරුනු විමසා ඇත.

ඉන්පසු ආයතන සංවර්ධන නිලධාරීවරයා මගින් අද (30) දිනයේ හමුධානිලධාරීන් සමග සාකච්ඡාවක් සාඳහා ගොවි නියෝජිතයින් කැඳවීමක් කර ඇති අතර ඊට බහුතරයක් ගොවි සංගම් නියෝජතියින් විරෝධය පළකර තිබේ. එම විරෝධයන් හේතුවෙන් සියලුම ගොවි සංගම් එයට විරුද්ධවී ඇත. ඒ අනුව එම රැස්වීම හෙටට යොදා ඇත.

සාමාන්‍යයෙන් පැවැත්වෙන ගොවි නියෝජිත රැස්වීම් සඳහා කැඳවනු ලබන්නේ ගොවි නියෝජිතයින් පමණක් බවත් එම රැස්වීම් සඳහා හමුදාව පැමිණෙන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්නයක් මතුවන බවත් ගොවීහු පවසති. මේ වනවිට කන්තලේ වැවට සිදුකරන අපරාධයට එරෙහිව නැගෙන ජනතා විරෝධය මැඩපැවැත්වීම සඳහා ගොවි ජනතාව බියවැද්දීමේ අරමුණින් මෙය සිදුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔවූහු පවසති.

කුමන බියවැද්දිම් සිදුකළත් කුමන බාධක පැමිණියත් තම විරෝධය නතර කළ නොහැකි බවත් ඔවුහු අවධාරණයකර සිටිති.

Facebook
Twitter
LinkedIn