දුම්රිය ගින්නෙන් 47ක් මරුට

ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් හිදී අද (30) දුම්රිය මැදිරියක හටගත් ගින්නකින් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

චෙන්නායි සිට නවදිල්ලිය බලා ගමන් කළ තමිල්නාඩු එක්ස්ප‍්‍රස් නැමති දුම්රිය මෙම අනතුරට ලක්ව ඇත්තේ නෙල්ලූර් දුම්රිය පොළට ආසන්නයේදීය.

ගින්න හටගත් දුම්රිය මැදිරියේ පුද්ගලයින් 70 කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිටි බවත් මේ වසර තුළ ඉන්දියාවේ සිදුවූ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 1,200 කට ආසන්න පිරිසක් මියගොස් අති බවත් ඉන්දීය දුම්රිය ප‍්‍රධානීන් එරට මාධ්‍යවෙත පවසා ඇත.

Facebook
Twitter
LinkedIn