දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් 40% කින් පමණ වැඩිකරගෙන ඇතැයි වාර්තා වේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් මෙම වැටුප් යෝජනාව පොදු පහසුකම් කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත කර ඇත. ඒ අනුව වැටුප රුපියල් 58,000/= සිට රුපියල් 85,000/= දක්වා ඉකුත් ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි වැඩිකර තිබේ.
පසුගිය ජූලි 24 දින දකුණු පළාත් සභා රැස්වීමේදී එහි සභාපතිවරයා විසින් මේ බව සභාවට දන්වා ඇතැයි ද වාර්තා වේ.
Views: 0









