කොළඹ වාරයේ භාවිතාවට ගනිමින් තිබු දොඹකර 18 ක් පසුගිය 23 දින සවස හදිසියේම අක්‍රීය වී ඇතැයි වාර්තා වේ.
වරායේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ තත්වයෙන් බාල ඩීසල් යෙදීම නිසා එම දොඹකර හදිසියේම අක්‍රීය වී ඇති බවයි.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වර්තමානය වනවිට දූෂිතයන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බවයි. වරායට අවශ්‍ය ඩීසල් ගෙන්වීමේදී තත්වයෙන් බාල ඩීසල් ගෙන්වීමද එහි එක් අවස්ථාවක් බවයි.
එමෙන්ම අද වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය රාජපක්ෂලාගේ බූදලයක් බවට පත්‍කරගෙන තිබෙන තත්වයක් තුළ මෙවැනි දෑ සිදුවීම අරුමයක් නොවන බවද එහි වෘත්තීය සමිති පෙන්වාදී ඇත.
Views: 0









