මැයි 01ට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන රැසක් එක්ව මෙවර යාපනයේදී පැවැත්වීමට සංවිධානය කර ඇති මැයි පෙලපාලියක් සහ රැලියක් අද (30) පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේගර් මහතා සඳහන් කරයි.
මැයි පෙලපාලිය අද පස්වරු 1.00ට යාපනය දුම්රියපොළ අසලින් ආරම්භවීමට නියමිත බවත් එම රැලිය පස්වරු 3.00ට යාපනය මුට‍්‍රවෙලි පිටියේදී පැවැත්වෙන බවත් ඒ මහතා පවසයි.
“ජාතික සමගිය හා සමානාත්මතාවය සඳහා සමාජවාදය” යන තේමාවෙන් පැවැත්වෙන මෙම මැයි පෙලපාලිය සහ රැලිය සඳහා ධීවර සංවිධාන, ගොවි සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන් සහ තවත් සිවිල් සංවිධාන ගණනාවක් සහ දේශපාලන පක්ෂ නායකයන්, කලාකරුවන්, විදෙස් රටවල කොමියුනිස්ට් පක්ෂ හා වමේ සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වීමට නියමිත බවත් රාමලිංගම් චන්ද්‍රසේගර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
යාපනය දිස්ත්‍රික්කයේ මෙවැනි මැයි රැලියක් සංවිධානය වන්නේ දශක ගණනාවකට පසුව වීමද සුවීශේෂී කරුණක් බව රාමලින්ගම් චන්ද්‍රසේගර් මහතා පැවසීය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මැයි රැලිය සහ පෙලපාලිය හෙට 01දා කොළඹදී පැවැත්වීමට නියමිත බව ජවිපෙ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.












