ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භකර ඇති වැඩ වර්ජනය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත් සේවක ඉල්ලීම් සඳහා ආණ්ඩුව කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවත් ඛනිජ තේල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
චීන වරාය තෙල් ටැංකි ඉන්දීය තෙල් සමාගමට (IOC) පවරා දීම වහාම නවතන ලෙසත්, හම්බන්තොට වරායේ තෙල් ටැංකි ශ්‍රී ලංකා රජය සතුව දිගටම පවත්වාගෙන යන ලෙසත්, අබලන් තෙල් පිරිපහදුව නවීකරණයට කඩිනමින් මුදල් වෙන් කරන ලෙසත් ඉල්ලමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ මෙම අඛන්ඩ වැඩවර්ජනයටක ආරම්භ කළේ ය.
වැඩවර්ජනය සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කිරීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෝළිම් දක්නට ලැබුණු අතර අද (24) උදෑසන වෘත්තීය සමිති නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.
තෙල් විකිනීම, බෙදාහැරීම ඇතුළු සියළුම කටයුතුවලින් කණිජ තේල් සේවකයෝ ඉවත්වන බවත් තම ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු කරන තුරු අඛන්ඩව සිය වර්ජනය දියත් කරන බවත් රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසීය.
[embedyt] https://www.youtube.com/watch?v=LgvkZRXl718[/embedyt]










