අවුරුදු නිවාඩුවට විශේෂ දුම්රිය යොදවයි

අවුරුදු නිවාඩුවට විශේෂ දුම්රිය යොදවයි

සිංහල හා හිංදු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද (15) දිනයේ විශේෂ දුම්රිය ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයන්හි විශේෂිත දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීමටය කටයුතු යොදා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

උතුරු නැගෙනහිරි පළාත් වල අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයට සහාය පළකරමින් රටපුරා දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන් කළු කොඩි ඔසවමින් විරෝධතාවය පළ කර සිටින අතර ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

තමන්ට ලබා දෙන රුපියල් 7500ක දීමනාව ඉහළ දැමීමට බල කරමින් උතුරු හා නැගෙනහිර පළාත් ආනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් මෙලෙස වැඩවර්ජනය ආරම්භ කර ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn