මීතොටමුල්ල කුණු කන්දෙන් කොටසක් ඊයේ (14) සවස කඩා වැටීමෙන් ඊට යටවූ නිවාසවල සිටී පුද්ගලයින්ගේ මළ සිරුරු 10ක් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් විසින් සොයා ගෙන තිබේ.
මෙම පිරිස අතර කාන්තාවන් හය දෙනෙකු හා ළමුන් සිව් දෙනෙකු වන බව වාර්තා වේ. කුණු කන්ද කඩාවැටීමෙන් අනතුරට ලක්වූ පුද්ගලයින් 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර හත් දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසේ.
මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මුදා ගැනීමේ කටයුතු සිදුකරමින් සිටී.
Views: 0













