මිතොටමුල්ලේ කුණු කන්ද නාය යයි – නිවාස රැසකට හානි

මිතොටමුල්ලේ කුණු කන්ද නාය යයි – නිවාස රැසකට හානි

මිතොමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් දහම්පුර ප්‍රදේශයේ නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් යටවී ඇතැයිද එම පුදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇතැයිද වාර්තා වේ.

නිවාස කිහිපයක් මුළුමනින්ම විනාශ වී තිබෙන අතර තවත් නිවාස රැසකට අර්ධ වශයෙන් හානි වී තිබේ.

විපතට පත්වූවන් මුදාගැනිමේ කටයුතු ප්‍රදේශවාසීන්ගේද මැදිහත්වීමෙන් සිදු වෙන අතර පොලිසි මැදිහත්ව එම ප්‍රදේශයේ නිවෙස්වල ජනතාව ඉවත් කරමින් සිටිති.

නොසන්සුන් වී ඇති ජනතාව බැකෝ යන්ත්‍රයකට ද ගිනි තාබා ඇතැයි වාර්තාවේ.

මේ වනවිට තුවාලකරුවන් 06 දෙනකු බේරාගැනීමට සමත්ව ඇති අතර ඔවුන් රෝහලට ගත කර ඇත.

මේ අතර කුණු කන්දේ කොටසක් අසළ ඇල මාර්ගයටද කඩා වැටි තවත් නිවාස කිහිපයක් ජලයෙන්ද යටවි තිබෙන බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn