මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ සංක්‍රමණිකයන් රැගෙන යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 97 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ ලිබියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේදී බව පැවසෙන අතර ලිබියානු ආරක්ෂක අංශ විසින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 23 දෙනෙකු බේරා ගෙන ඇති අතර ඔවුන්ගෙන් 5දෙනෙකු ළමයින් හා 15 දෙනෙකු කාන්තාවන් බව පැවසේ.
අතුරුදන් වූවන් සොයා මේ වනවිට එම මුහුදු සීමාවේ ලිබියානු ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.
Views: 0










