පාරේ තැන තැන කැළි කසල දැමීම පරිසය දූෂණය කරණ කටයුත්තක් වන අතර එය මෙරට නීතිය අනුව නිතිවිරෝධී කටයුත්තක්ද වන්නේය. මෙලෙස නීතිවි රෝධී අයුරින් පාරට කසල ගෙනත් දැමූ පිරිසකට එරෙහිව නඩු දැමීමට මොරටුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කටයුතු කර තිබේ.
මෙසේ පාරට දැමූ කසල බෑගක් පරීක්ෂා කර බැලීමේදී හමු වී ඇති දුරකථන බිල්පත් ඔස්සේ පරික්ෂණ සිදුකොට පාරට කැළි කසල දැමු කාන්තාවකට හා හෝටල් හිමියන් දෙදෙනකුට එරෙහිව මෙසේ නඩු පැවරා ඇත.
මොරටුව පොලිස් පාරිසරික ඒකකය හා එක්ව වැටලීම් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා යෙදවූ බවද මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පවසයි.
කැළි කසල එකතු කිරීමට යොදවා ඇති සැලසුම් තවත් විධිමත් කර ඇති බවත් සිය නිවෙස් මෙන්ම මහා මාර්ගද පිරිසිදුව පවත්වාගෙන යාම ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමක් බවත් ඒ මහතා කියයි.
Views: 0










