යුධ හමුදාවේ සිටි පුතුගේ මරණය සැක සහිතයි – දෙමාපියෝ කියති

යුධ හමුදාවේ සිටි පුතුගේ මරණය සැක සහිතයි – දෙමාපියෝ කියති

යුද හමුදා ජනරාල්වරයකුගේ කඳානේ නිවසේ සේවයට යොදවා සිටියදී රිය අනතුරකින් මියගිය බව කියූ යුද හමුදා සේවයේ සිටි තම පුතුගේ මරණය සැකසහිත බව දෙමව්පියන් විසින් සිදු කර ඇති පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් පරීක්ෂණක් ආරම්භ කර තිබේ.

තම පුතු මිය ගියේ රිය අනතුරකින් බව හමුදා කණ්ඩායමක්  පළමුව පැවැසුවත් පසුව එය ගෙළවැලදාගෙන මියගිය බවත් මරණ පරීක්ෂණය අවසන් වූ පසු කලබල නොකර සිරුර රැගෙන යන ලෙස දැන් වූ බවත් මියගිය ලාන්ස් කොප්‍රල්වරයාගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පැවසේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ යුද හමුදා සේවයේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කළ 26 හැවිරිදි බී.ඩී.එම්. සෙනවිරත්න මහතාය.

අවසන් වරට නිවාඩුව සදහා පැමිණි මෙම සෙබලා පසුගිය 31 වනදා රාජකාරි සදහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර ඔහුට සිය දිවි නසාගන්නට තරම් හේතුවක් නොතිබූ බව මව්පියෝ පවසති.

Facebook
Twitter
LinkedIn