වීරවංසට රනිල්ගෙන් ඇප

වීරවංසට රනිල්ගෙන් ඇප

රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නිවාස අමාත්‍ය හා මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංස මහතාට එරෙහිව පවතින සියළු චෝදනා සිංහල අලුත් අවුරුද්දට පෙර ගොනුකර අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයේ නීති අංශවලට උපදෙස් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා එරෙහිව පවතින චෝදනා පදනම් කර ගනිමින් ඇප දෙනවාට විරුද්ධත්වය පළ නොකරණ ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට දුන් උපදෙස්වල සඳහන් ය.

පාර්ලිමේතු මන්ත්‍රී විමල් වීරවංස මහතාට කඩිනමින් ඇප ගැනීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කර තිබේ.

මෙම කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දුන් උපදෙස්වලට අනුව සිංහල අවුරුද්දට පෙර විමල් වීරවංස මහතාට ඇප දීමට හැකිවන පසුබිම රජයේ නීති අංශ වෙතින් සැකසෙන බව වාර්තා වේ.

මූලාශ්‍ර ලංකාදීප

Facebook
Twitter
LinkedIn