ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට (රු. 19,500,000) අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි අල්ලස් චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා හමුවේ අද (05) කැඳවා ඇති අතර මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා එරෙහි චෝදනාවන් කියවා දීම සිදු වි තිබේ.
චෝදනා සම්බන්ධ ප්රතිවිරෝධතා නියෝගය ලබන මැයි 03 වැනිදා නිකුත් කරීමට අධිකරණය තීරණය කර ඇත.
තම සේවාදායකයා මෙම චෝදනා පිළි නොගන්නා බවත් අල්ලස් කොමිසම විසින් මෙම චෝදනා පත්‍රයට අමතරව වෙනත් කිසිදු ලේඛණයක් ඉදිරිපත් කර නොමැති බවත් මෙහිදී අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර තිබේ.
Views: 0










