ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන 46 වැනි අප්‍රේල් විරු සමරුව නිමිත්තෙන් අද (05) ප.ව. 03.00ට මොනරාගල, මාතලේ සහ ගාල්ල යන ප්‍රදේශවලදී සමරු වැඩසටහන් තුනක් එම පක්ෂයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ප්‍රජා ශාලාවේදීත්, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදීත්, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් ඩි ගෝල්හිදීත් මෙම සමරු දේශන පැවැත්විණි.
මොණරාගලදි පැවති සමරුවැඩසටහනේ ඡායාරූප පහතින් පල වේ.
Views: 0


















