SAITM විරෝධය ආර් ප්‍රේමදාස පිටියටත්

SAITM විරෝධය ආර් ප්‍රේමදාස පිටියටත්

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයට එරෙහි විරෝධතා මේ වනවිට තීව්‍ර වී තිබේ. සයිටම් අහෝසි කරන්නැයි ආණ්ඩුවට බල කරන විරෝධතා මේ වනවිට විවිධ ආකාරයෙන් පැනනැගෙමින් තිබෙන අතර ඊයේ (04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවති ශ්‍රී ලංකා – බංගලාදේශ T-20 ක්‍රිකට් තරඟයටද සයිටම් විරෝධය එක් වී තිබෙනු දක්නට ලැබිණි.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් ඉතා සංවිධානාත්මකව මේ සඳහා සහභාගී වී සිටි අතර ඔවුන් ඉතා නිර්මාණශීලීව එහිදී සිය විරෝධය දක්වන අයුරු දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දසුන් උදාර විජේසේකර මහතා සඳහන් කර සිටියේ සයිටර් අහෝසි කිරීමට ආණ්ඩුවට බලකරන මෙවැනි නිර්මානාත්මක විරෝධතා ඉදිරියේදී රට පුරා වැඩි වැඩියෙන් දක්නට ලැබෙනු ඇති බවය.

Image may contain: 3 peopleNo automatic alt text available.Image may contain: 5 peopleImage may contain: 11 people, people smilingImage may contain: one or more people and textImage may contain: 11 people, crowdImage may contain: 23 people, people smiling, crowdImage may contain: 11 people, people smiling, crowdImage may contain: 10 people, crowdImage may contain: 31 people, people smilingImage may contain: one or more people and people standingImage may contain: one or more people, people standing and text

Facebook
Twitter
LinkedIn