ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන 46 වැනි අප්‍රේල් විරු සමරුව නිමිත්තෙන් අද (05) ප.ව. 03.00ට මොනරාගල, මාතලේ සහ ගාල්ල යන ප්‍රදේශවලදී සමරු වැඩසටහන් තුනක් සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකක සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ප්‍රජා ශාලාවේදීත්, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදීත්, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් ඩි ගෝල්හිදීත් මේ සමරු දේශන පැවැත්වෙයි.
මීට අමතරව පසුගිය දිනවල දිස්ත්‍රික් මට්ටමින්ද විවිධ සමරු වැඩසටහන් රැසක් පවත්වා ඇත.


Views: 0










