අම්බලන්ගොඩදී පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අතරතුරදී පාක්ෂිකයන් සහ පක්ෂ නායකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මැයිදින පෙළපාලිය හා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් පී. හැරිසන් සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෙනට් පණියන්දූව මහතාගේ නිවසේදී මෙම රැස්වීම පවත්වා ඇත.
මෙහිදී පාක්ෂිකයින්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද එය ලබා නොදී රැස්වීමේ කටයුතු අවසන් කිරීම නිසා මෙසේ උණුසුම් තත්වයක් හටගෙන ඇත.
රැස්ව සිටි පාක්ෂිකයන් මැයි රැලියට යාමද ප්‍රතික්ෂේප කරමින් එජාප නායකත්වයට දැඩි විරෝධයක් එල්ල කළේ ය.
10










