අධ්‍යාපන ඇමති එස්.බී.ට – බන්දුලට ගෙදර යන්නැයි ඉල්ලීමක්

පසුගියදා ශ්‍රේෂාඨාධිකරණය විසින් “Z” අගය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවත් සමග උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායකත් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනත් වහාම තම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයැයි රටේ විවිධ කොටස් පවසන්නට විය.

ඊට සමගාමීව මහාමාර්ග අසල සහ පාසල් තාප්පවල “අධ්‍යාපන ඇමති එස්.බී – බන්දුල ගෙදර පල” යනුවෙන් ලියා ඇත. එවැනි වැකි තැන තැන තාප්පවල ලියැවී තිබූ ආකාරය පහත ඡායාරූප වලින් දැක ගත හැකිය.


Facebook
Twitter
LinkedIn