දෙහිඅත්කණ්ඩිය ගොවීහු මහවැලි කාර්යාලය වටලති

මහවැලි සී කලාපයේ මාවෙනාවෙල කොට්‌ඨාසයේ නිකවතලන්ද බිහිරි සොරොව්ව යන ප්‍රදේශවල ගොවීන් 1000 ක්‌ පමණ තම කුඹුරුවලට නිසි ලෙස ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් දෙහිඅත්තකණ්‌ඩිය මහවැලි අධිකාරි කාර්යාලයට ඊයේ (4) පැමිණියහ. මහවැලි සී කලාපයේ නේවාසික කළමනාකරු එච්. එම්. රණසිංහ මහතා කරදරයකින් තොරව ජලය ලබා දෙන බවට ඔවුනට පොරොන්දු විය.

මහවැලි සී කලාපයේ නේවාසික කළමනාකරු එච්. එම්. රණසිංහ, නියෝජ්‍ය නේවාසික ජල කළමනාකරු ඒ. ඒ. හේරත් බණ්‌ඩා, ඉංජිනේරු සහකාර ඒ. ජී. එස්‌. සේනාධීර, පොලිස්‌ පරීක්‍ෂක නිමල් බණ්‌ඩාර, කලාප ගොවි සභාපති හා ගොවි නියෝජිතයන් අතර සාකච්ඡා පැවැති අතර කිසිම අයෙකුගේ කුඹුරක්‌ විනාශ වීමට ඉඩ නොතබන බවට නේවාසික කළමනාකරු ඔවුනට සහතික විය.

Facebook
Twitter
LinkedIn