විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අද (03) නැවතත් දුරකතන වෙත මරණීය තර්ජන එල්ල වී ඇතැයි වාර්තා වේ.
පොදු දුරකතන සේවාවක් (ට්‍රයිටෙල්) හරහා දුරකතන ඇමතුමක් ලබාදෙමින් මෙලෙස මරණ තර්ජන එල්ලකොට ඇති බවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස පෙනී සිටිමින් මෙලෙස තර්ජන එල්ලකොට ඇති බවත් වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙරද නිර්මාල් මහතාගේ නිවස අසලට පැමිණි සුදුවෑන් රථයක් මගින් ඔහු පිළිබඳ තොරතුරු සෙවූ බවටත් දුරකතනය වෙත මරණ තර්ජන එල්ල වූ බවටත් මාධ්‍ය වාර්තා පළවිය.
මේ අතර ජනාධිපති ලේකම්වරයා අද සවස විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග සාකච්ඡාවක්ද කැඳවා තිබේ.
Views: 0









