විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් හෙට (04) දින ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනයට සහය පළ කරමින් විශ්‍රාමලත් ආචාර්ය වරුන් 40කගේ අත්සනින් යුත් ලිපියක් නිකුත්කර තිබේ. අදාල ප්‍රශ්නය විසඳන ලෙස ජනාධිපතිවරයාට, අධ්‍යාපන ඇමතිවරයාට සහ අදාල අනෙකුත් බලධාරීන්ට එම ලිපිය මගින් බලකර ඇත. එහි සිංහල පරිවර්ථනය පහත පළවේ.
“ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්දතියේ මතුව ඇති අර්බුද කාරීතත්වයත් ආචාර්ය ප්‍රජාව සඳහා එල්ල වී ඇති ජීවිත තරජනත් පිළිබඳව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සේවයකර විශ්‍රාමලත් ආචාර්ය මහාචාර්ය වරුන් ලෙස අපගේ දැඩි අවධානය යොමුවී අත.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වත්මන් සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාල ඉතිහාස අධ්‍යන අංශයේ ප්‍රධානී, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ලවූ මරනීය තර්ජන පිළිබඳව අප දැඩි කම්පණයකට පත්ව සිටිමු. ඉදිරි සති කිහිපය තුලදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට FUTA නිවේදනය කිරීමත් සමග එම තර්ජන පැමින ඇත.
විශ්වවිද්‍යාල පද්දතියේ මතුවූ විවිධ අර්බුදයන් සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ දීර්ග සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පවතී. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ ජීවන තත්වය උසස් කිරීමේදී සහ උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති වැඩිදියුනු කිරීමේදී මෙම වෘත්තීය සමිත ක්‍රියාමාර්ග වැදගත් භූමිකාවක් ඉටුකර ඇත. අප වෘත්තීය සමිත ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ ඒ ආණ්ඩු විසින් අපගේ වෘත්තීය දායකත්වය හෝ විශේෂඥතාවය අවමානයට ලක්කළ නිසා නොවේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා අප තර්ජනවලට හෝ භය ගැන්වීමට ලක්කළේ නැත. වර්තමාන ෆූටා ඉල්ලීම් ආචාර්යවරුන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට සීමා නොවී විශ්වවිද්‍යාලවල පවතින අර්බුදය විසඳීම සඳහාද අවධානය යොමුකර ඇති බවද අපට පෙනී යයි. මෙම අර්බුදය මතුව ඇත්තේ විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන ලබා නොදීමේන් සහ දේශපාලන මැදිහත්වීම් සිදුකිරීමෙනි. විශ්වවිද්‍යාල පනතෙන් පිළිගෙන ඇති විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය සහ අධ්‍යනයේ නිදහස පිළිබඳ මූලික සංකල්පයන්ද මුළුමනින්ම නොසලකා හරින තැනට පත්ව ඇත. ජාත්ක විශ්වවිද්‍යාලවල තත්වය නරක අතට හැරීම පිළිබඳව අප නිරීක්ෂණය කර ඇති අතර ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ මතදැක්වීම්ද සිදුකර ඇත්තෙමු. හමුදාකරණය, මර්දනය, ප්‍රචන්ඩත්වය සහ නීතියක් නොමැතිකම වැනි වර්තමාන ප්‍රවනතාවයන් පිළිබඳව මීට අපගේ අවධානය යොමුවිය. සිය මූලික අයිතිවාසිකමක්වූ සිතීමේ සහ අදහස් ප්‍රකාශකිරීමේ නිදහසද රැස්වීමේ සහ සාමකාමීව හමුවීමේ නිදහසද වලක්වමින් මේ වන විට ප්‍රචන්ඩත්වය විශ්වවිද්‍යාල අචාර්ය ප්‍රජාවටද යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයටද අදාලවන පුළුල් ජාතික කරුණු පිළිබඳ සාකච්චා කිරීමට සහ සිය වගකීම් ඉටු කිරීමට වර්තමාන ආචාර්ය ප්‍රජාව දක්වන උත්සාහය අපි සාදරයෙන් පිළිගනිමු. අචාර්ය දේවසිරි සහ ඔහුගේ පවුලේ පෞද්ගලික ආරක්ෂාවත් වෘත්තීය ක්‍රියාමාරගවල නියැලෙන සියළුම ආචාර්ය වරුන්ගේ ආරක්ෂාවත් සහතික කරන ලෙස අපි ජනාධිපතිවරයාට කියා සිටිමු.
ජාතික අධ්‍යාපනයේ සහ විශ්වවිද්‍යාල අනාගතය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙන්වා දෙන කරුණු පිළිබඳව අර්තාන්විතව සහ හොඳ හිතින් ප්‍රතිචාර දක්වන ලෙසද උසස් ආධ්‍යාපන ඇමතිවරයාට සහ එහි බලධාරන්ට අපි කියාසිටිමු.
01 මහාචාර්ය අර්ජුන අළුවිහාරේ (වෛද්‍ය පීඨය, හිටපු උපකුළපති – පේරාදෙනිය විශ්වවිද්‍යාලය, හිටපු UGC සභාපති)
02 මහාචාර්ය වයි. ආර්. අමරසිංහ (දේශපාලන විද්‍යාව, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
03 මහාචාර්ය හර්බට් ඒ අපොන්සු (වෛද්‍ය පිඨය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
04 මහාචාර්ය කුමාර් ඩේවිට් (ඉන්ජිනේරු පීඨය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
05 අයි.වී. එදිරිසිංහ (දේශපාලන විද්‍යාව, කොළඹ විශ්වවිද්‍යාලය)
06 මහාචාර්ය අශෝක ඒකනායක (දන්ත වෛද්‍ය පිඨය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
07 මහාචාර්ය ජේ.එන්.ඕ. ප්‍රනාන්දු (රසායන විද්‍යාව, විවෘත්ත විශ්වවිද්‍යාලය)
08 අචාර්ය ලක්සිරි ප්‍රනාන්දු (දේශපාලන විද්‍යව, කොළඹ විශ්වවිද්‍යාලය)
09 ආචාර්ය සිරෝමි ප්‍රනාන්දු ( ඉන්ජිනේරු පීඨය, කොලඹ විශ්වවිද්‍යාලය)
10 ආචාර්ය සුචරිත ගම්ලත් (සිංහල, යාපනය විශ්වවිද්‍යාලය, රුහුන විශ්වවිද්‍යාලය)
11 ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර (නීතිය, හිටපු කුලපති පේරාදෙනි විශ්වවිද්‍යාලය)
12 මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර (නීතිය, කොළඹ විශ්වවිද්‍යාලය සහ විවෘත්ත විශ්වවිද්‍යාලය, හිටපු උපකුලපති – කොළඹ විශ්වවිද්‍යාලය)
13 මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක (උද්භිත විද්‍යාව, පෝරාදෙනිය විශ්වවිද්‍යාලය)
14 මහාචාර්ය චන්ද්‍රා ගුණවර්ධන (අධ්‍යාපන පීඨය, විවෘත්ත විශ්වවිද්‍යාලය)
15 මහාචාර්ය ජේ.ඒ. ගුණවර්ධන (ඉන්ජිනේරු පීඨය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
16 මහාචාර්ය හඳුරු කන්ද (සාත්‍රීය භාෂා, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
17 මහාචාර්ය බුද්ධදාස හේවාව්තාරන (ආර්ථික විද්‍යාව, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
18 මහාචාර්ය ලක්සිරි ජයසූරිය (සමාජ විද්‍යාව, කොළඹ විශ්වවිද්‍යාලය)
19 අචාර්ය සිරිමා කිරිබමුණ (ඉතිහාසය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
20 මහාචාර්ය සාවිත්‍රි කුමාර් (රසායන විද්‍යාව, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
21 මහාචාර්ය විජය කුමාර් (රසායන විද්‍යාව, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
22 මහාචාර්හ ලලිතා මෙන්ඩිස් (ක්ෂුද්‍රජීව විද්‍යාව, කොළඹ විශ්වවිද්‍යාලය)
23 ආචාර්ය සින්නයියා මවුනගුරු (ලලිතකලා, නැගෙනහිර විශ්වවිද්‍යාලය)
24 මහාචාර්ය ඩෙක්ස්මන්ඩ් මල්ලිකාරච්චි (දර්ෂනය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
25 මහාචාර්ය ටී.බී. මීගස්කුඹුර (සිංහල, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
26 මහාචාර්ය මෙහොමඩ් නුහ්මාන් (දෙමළ, පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
27 මහාචාර්ය ගණනාත් ඔබේ සේකර (මානව විද්‍යාව, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යලය ලංකා විශ්වවිද්‍යාලය)
28 මහාචාර්ය රංජිනී ඔබේ සේකර (මානව විද්‍යාව, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යලය ලංකා විශ්වවිද්‍යාලය)
29 ආචාර්ය අර්ජුන පරාකුම (ඉංග්‍රීසි පීඨ්‍ය, කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලය)
30 ආචාර්ය ධර්මසේන පතිරාජ (මාධ්‍ය අධ්‍යනය පිඨය, කොලඹ විශ්වවිද්‍යාලය)
31 මහාචාර්ය මර්ලින් පීරිස් (සාස්ත්‍රීය භාශා, පෙරාදෙනිය විශ්වවිද්‍යාලය)
32 මහාචාර්ය රහානා රහීම් (ඉංග්‍රීසි පීඨය, විවෘත්ත විශ්වවිද්‍යාලය)
33 මහාචාර්ය එම්. පී. රණවීර (ඉන්ජිනේරු පීඨය, පෙරාදෙනිය විශ්වවිද්‍යාලය)
34 අචාර්ය ඇමි.ඩී. සමරවික්‍රම (ආර්ථිකවිද්‍යා පීඨය, පෙරාදෙනිය විශ්වවිද්‍යාලය)
35 මහාචාර්ය ඒ.සී.එච්. සෙනරත් (ඉන්ජිනේරු පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය)
36 මහාචාර්ය එච්.එල්. සෙනෙවි රත්ත (මානව විද්‍යාව, වර්ජීනී විශ්වවිද්‍යලය, ලංකා විශ්වවිද්‍යාලය)
37 මහාචාර්ය හේ ශ්‍රියානන්ද (ඉන්ජිනේරු පීඨය, විවෘත්ත විශ්වවිද්‍යාලය)
38 මහාචාර්ය ඩී.පී.එම්. වීරක්කොඩි (සාස්ත්‍රීය භාශා, පෙරාදෙනිය විශ්වවිද්‍යාලය)
39 මහාචාර්ය පී.ඩී. ප්‍රේමසිරි (පාලි හාබෞද්ධ, පෙරාදෙනිය විශ්වවිද්‍යාලය)
40 ආචාර්ය පී.ඩී.ඒ. ජයසේකර (ඉතිහාසය, පෙරාදෙනිය විශ්වවිද්‍යාලය)”









