ආචාර්ය වැඩවර්ජනයට විශ්‍රාමලත් වි.වි. ආචාර්ය සහය

උසස් අධ්‍යාපනය සඳහා රජයේ ප්‍රතිපාදන වැඩිකරන ලෙසත් විශ්වවිද්‍යාලව ආචාර්ය වරුන්ගේ වැටුප් ඉහළ නංවන ලෙසත් බල කරමින් ආචාර්ය වරුන් ආරම්භ කිරීමට යන වැඩවර්ජනයට සිය උපරිම සහය පළ කරන බව විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් දන්වා ඇත.

ජාතික විශ්වවිද්‍යාල පද්දතියේ දක්නට ලැබෙන අර්බුදකාරී තත්වය සහ විද්වත් ප්‍රජාවට එරෙහිව එල්ලවී ඇති තර්ජනය පිළිබඳව ඔවුන් දැඩි අවධානය යොමුකර ඇති බව මෙම මහාචාර්ය ආචාර්ය වරුන් වැඩිදුරටත් අවධාරණයකර සිටිති.

එම නිවේදනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභාවේ හිටපු සභාපති මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතා ඇතුළු විශ්‍රාමලත් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් 40දෙනෙකු අත්සන් තබා ඇත.

Facebook
Twitter
LinkedIn