වියට්නාමයේ ආර්ථිකය ස්ථාවරවන ලකුණු !

ලෝක ආර්ථික අර්බුදය හමුවේ වුවද වියට්නාමයේ ආර්ථිකය ස්ථාවර වන ලකුණු පෙන්නුම් කර ඇතැයි එරට සැලසුම් සහ ආයෝජන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ඩූ ටුක් මහතා පවසයි.

2011 වර්ෂයේ මුල් මාස 6 තුළදී වියට්නාමයේ දල දේශීය නිශ්පාදිතයේ වර්ධනය කලින් වසරේ මෙම කාලයට සාපේක්ෂව 4.38%න් වර්ධනය වී ඇතැයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

“කෙසේ නමුත් මුළු වර්ෂය සඳහාම අප 6-6.5%ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරනවා. ආර්ථිකයේ වැඩි වර්ධනයක් අත්කරගෙන ඇත්තේ කාර්මික සහ ඉදිකිරීම් ‍ක්ෂේත්‍රවලයි. සේවා ආර්ථිකයේ වර්ධන වේගය 5.57%ක්. කෘෂිකර්ම සහ මුහුදු ආහාර ක්ෂේත්‍රවල ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 2.81%ක් පමණයි.

“වියට්නාමයේ විරැකියා අනුපාතය 2.22%ක් වන අතර එය පසුගිය වසරට වඩා මදක් වැඩි අගයකි. කෙසේනමුත් ආර්ථික වර්ධන වේගය 6%ක පවත්වාගෙන යාම අභියෝගයක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Facebook
Twitter
LinkedIn