කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

නෝවුඩ් ප්‍රදේශයේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.

තේ දළු නෙළමින් සිටි අවස්ථාවේ තේ පඳුරක් මත තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් කාන්තාවන් දොළොස් දෙනෙකු මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර ඒ පිරිස අතරින් කාන්තාවන් 8 දෙනෙකු හැටන් දික්ඔය දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn