ගල්කිස්සේ හදිසි ගින්නක්, අයෙක් මරුට

(දෙවන සංස්කරණය) ගල්කිස්ස, හෝටල්පාර ඉදිරිපිට තෙමහල් ගොඩනැඟිල්ලක තිබූ ටයර් වෙළඳසැලක අද අලුයම 1.30 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනකු තුවාල ලබා තිබේ.

එම ගින්න දෙහිවල-ගල්කිස්ස හා කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකක මෙන්ම ගුවන් හමුදා භට කණ්ඩායමකගේ සහය ඇතිව මැඩපවත්වමින් සිටින බවත් පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ගිනිනිවීමේ කටයුතු මේවන විටත් අවසන්ව ඇති බැවින් කොළඹ-ගාලුපාරේ දැඩි රථවාහන තදබදය අවසන්වී ඇත. එබැවින් කොළඹ සිට ගාල්ල බලා යන රථවාහන කිසිඳු අවහිරයකින් ‍තොරව ගමන් කළ හැකි බව පොලීසිය විසින් නිවේදනය කර සිටී.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Facebook
Twitter
LinkedIn