සනත්ගේ දෙවෙනි නැටුම

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන “ජලක් දික්ලා ජා” තරඟයෙහි දෙවෙනි වටයට ඊයේ (24) සහභාගී වී තිබේ.

සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලය විසින් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවී තිබූ නමුත්  ඊයේ දිනයේ ඔහුට ලබාගත හැකිවී තිබෙන්නේ ලකුණු 24කි.

රටේ මහජනතාව දුෂ්කරතා රැසකට පත්ව ඇති මෙවන් මොහොතක ජනතා ඡන්දයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ මෙම ක්‍රියා කළාපය පිළිකුල් සහගත ලෙස හෙළාදැකිය යුතු බවත් මෙවැනි ක්‍රියාවලින් ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙළිදරව් වෙමින් පවතින බවත් සනත්ගේ ක්‍රියාවලිය එකක් පමණක් බවත් වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ සියල්‍ලන්ගේම හැසිරීම මීට නොදෙවෙනි බවත් දේශපලාන විචාරකයෝ, විද්වත්හු සහ වෘත්තිකයෝ පෙනිවා දෙති.

වීඩියෝ sanath jayasuriya dancing lankatruth video

ආශ්‍රිත පුවත්

ජයසූරියගේ නැටිල්ල

Facebook
Twitter
LinkedIn