ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පාසල් සේවා බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි වාර්තාවේ.
හල්දුම්මුල්ල සීලතැන්න ප‍්‍රදේශයේදී අද (25) උදෑසන එම අනතුර සිදුවී ඇති අතර ඉන් හොරගුනේ මහා විද්‍යාලයේ 11 වන ශේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
බස් රථය හපුතලේ සිට කිරවලාගම ප‍්‍රදේශයට ධාවනය කෙරෙමින් තීබූවකි.

Views: 0









