කාන්තණ්කුඩිය මුස්ලිම් කොංග්‍රස් කාර්යාලයට ගිනි

(දෙවන සංස්කරණය) ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මඩකළපුව කාත්තණ්කුඩි කාර්යාලයට කිසියම් පිරිසක් අද (26) අලූයම ගිනි තබා තිබේ.

එම කාර්යාලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් විසින් අද (26) පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබූ බවද වාර්තා වේ.

සිදුව ඇති මෙම ගිනි තැබීමෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවත් කිසිවෙකුට හානි සිදුව නොමැති බවත් පවසන කාත්තන්කුඩිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේවන විට අපට වාර්තාවන ආකාරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය ඒ.එම්.එල්.එම්. හිස්බුල්ලා ගේ ආධාර කරුවන් පිරිසක් විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත. රවුෆ් හකීම් සහ හිස්බුල්ලා යන දෙදෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළත් මෙවර නැගෙන හිර පළාත් සභා මැතිවරණයේදී රවුෆ් හකීම් මුස්ලිම් කොන්ග්‍රසයෙන් මහ ඇමති දූරය සඳහා තරඟ වැදීමට නියමිත අතර හිස්බුල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම මැතිවරණයේදී තරඟවැදීමට නියමිතය.


Facebook
Twitter
LinkedIn