රෝහල් පරිගණකයේ දත්ත සොරාගෙන

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ පරිගණකයේ දත්ත ගබඩාව සොරාගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

ඊට සැකපිට එම රෝහලේ කොන්ත‍්‍රාත් පදනමෙන් සේවය කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගැනුනු පුද්ගලයා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පලයක් උක්ත පරිගණකයේ තැවරී තිබූ රුධිර සාම්පලයක් සමග සංසන්දනය කිරීමට බොරැල්ලේ ජින්ටෙක් ආයතනයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn