බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැති උපාලි කොඩිකාරට අයත් අමාත්‍යාංශ විෂයන්ගෙන් ප්‍රවාහන විෂය ඉවත් කෙරෙනු ඇතැයිද එය මහ ඇමැති ප්‍රසන්න රණතුංග යටතට පත්වෙනු ඇතැයිද එම පළාත් සභාවේ ආරංචි මාර්ග සඳහන්කර සිටී.
පළාත් ඇමැති උපාලි කොඩිකාරට මේ වනවිට අයත් වන විෂයයන් වනුයේ ප්‍රවාහන, ක්‍රීඩා හා තරුණ කටයුතු, සමුපකාර සංවර්ධන, ආහාර සැපයීම හා බෙදාහැරීම, ග්‍රාම සංවර්ධන යන විෂය පථයන්ය.
පෞද්ගලික බස් සමාගම් කිහිපයක් විසින් ලද පැමිණිලි සහ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද බස් වර්ජන සඳහා සාර්ථකව මුහුණ නොදීම ඇතුළු හේතු කිහිපයක් මත කොඩිකාරගේ ප්‍රවාහන විෂයය ඉවත් කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
පුදග්ලික මගීප්‍රවාහන බස්රථ සඳහා නව මාර්ග බලපත් ලබා දීමේදී සැලකිය යුතු කොමිස් මුදලක් අදාල බලධාරීන්ට ලබාදීමට බස් හිමියන් පුරුදුව සිටින සිටින බවද වාර්තාවේ.
Views: 0









