මුදල් විශුද්ධි කරණය, රාජ්‍ය දේපළ අවභාවිතාව ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි යෝෂිත රාජපක්ෂට ඇප ලබා දීමේදී නිකුත් කළ විදේශගතවීම තහනම් කිරීමේ ඇප කොන්දේසිය තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (28) නියෝග කර තිබේ.
CSN නාලිකාව ආරම්භ කිරීමේදී හා එය පවත්වාගෙනයාමේදී එයට මුදල් යෙදවූ ආකාරය පිළිබඳව අනාවරණය කිරීමට නොහැකිවීම මත සහ විනිවිද භාවයකින් තොරව රාජයේ ගොඩනැගිලි ඒ සඳහා භාවිතා කිරීම යන කරුණු මත ඔහුට මෙම චෝදනා එල්ල වී ඇත.
කෙසේ නමුත් සිය දකුණු දණහිසේ සහ වළලුකර ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මසක කාලයකට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යෑමට අවශ්‍ය බව විශ්‍රාමික ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සැප්තැම්බර් 20වනදා කොළඹ මහාධිකරණට මෝසමක් ඉදිරිපත් කරමින් අවසර ඉල්ලා තිබුණි.
ඔහු නාවික හමුදා නීතිය නොතකමින් සිදු කර තිබූ විදේශ සංචාර සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරිමට නියමිතව තිබේ. මේ වනවිට යෝෂිත රාජපක්ෂයේ නාවික හමුදාවේ සේවයද අත්හිටුවා ඇත.









