විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ශරීරාරක්ෂකයා වන ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වු නෙවිල් වන්නිආරච්චිට එරෙහිව අල්ලස හෝ දූෂණ චෝදනා කොමිසම විසින් ගොනු කළ නඩු පහකට අදාළව ඇප දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (28) නියෝග කර තිබේ.
නෙවිල් වන්නිආරච්චි 2010 වසරේ සිට 2014 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරිම සම්බන්ධයෙන් මෙසේ ඔහුට එරෙහිව නඩු ගොණු කර ඇත.
එක් නඩුවකට රුපියල් දසදහස බැගින් මුදල් ඇපයක්ද ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක්ද නියම කර ඇති අධිකරණය එම නඩුව ජනවාරි 13 වැනිදා යළි විභාග වීමට නියමිත ය.
Views: 0









