සරසවි කඩඉම් ලකුණු අන්තර්ජාලයට…

2015 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අවශ්‍ය අවම කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිදාන කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත‍්‍රික් පදනම මත එක් එක් විශ්වවිද්‍යාලයන් හි උපාධි පාඨමාලා සඳහා ප‍්‍රවේශ වීමට අවශ්‍ය අවම කඩඉම් ලකුණද එහිදී ලබාගත හැක.

මීට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග අංකය අනුව සුදුසුකම් ලබා ඇති පාඨමාලාව හා විශ්ව විද්‍යාලයද ලබාගත හැකි බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන අතර ඒ සඳහා පිවිසිය යුතු නිල වෙබ් අඩවි පහතින් සඳහන් වේ.

රාජ්‍ය  සේවා  තොරතුරු කේන්ද්‍රය මාර්ගයෙන් 1919 අංකය අමතා කඩඉම්  ලකුණු  ලබා ගත හැකිය. 

www.selection.ugc.ac.lkවලින් අදාල තොරතුරු ලබා ගත හැකි බව විශ්වවිද්‍යාල කොමිසන් සභාව පවසයි.

Facebook
Twitter
LinkedIn