පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද (12) හජ් උත්සවය සමරති.
සෞදියේ මක්කම පිහිටි අල්හා දෙවියන්ගේ ස්මාරක වන්දනා කිරීම හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් සිදුකරනු ලබයි.
මේ වනවිට ලක්ෂ 24කට අධික වන්දනාකරුවන් පිරිසක් හජ් වන්දනාව සඳහා සෞදි අරාබියේ මක්කම නගරයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 2,240 දෙනෙකු ද එක්ව සිටින බව පැවසේ.
Views: 0









