“පුරා වසර 77ක් ආයු වළඳා අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ධුරන්ධර නාහිමිපාණන්ගේ වියෝව ලාංකීය සංඝ ශාසනයට අපරිපූරණිය පාඩුවකි. තෙවලා බුදුදහම ඇතුළත් ත්‍රිපිටකය පිළිබඳ ප්‍රාමාණකිි දැනුමකින් හෙබි යතිවරයන් වහන්සේලා අතර ඉචිරියෙන්ම වැඩසිටි අප නාහිමියෝ භාෂා විශාරදත්වයෙන්ද නිපුණයහ. පරිසමාප්ත වූ අරුතින්ම ත්‍රිපිටකධාරී තෙරනමකැයි සංකා විරහිතව පැවසිය හැකි නාඋයනේ නාහිමිගේ ශාසනික මෙහෙය අපමණය.” යනුවෙන් සඳහන් කරමින් ත්‍රිපිටකධාරී මහතෙරනමක් වූ අරියධම්ම නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව ජාතික භික්ෂු පෙරමුණ මාධ්‍ය වෙත නිවෙදනයක් නිකුත් කර තිබේ.
එහි සම්පූර්ණ නිවේදනය පහතින් පළ වේ.

Views: 0









