රාජ්‍ය ආයතන 4ක් විකුණන බව රනිල් කියයි

Image result for ranil wickramasingheරාජ්‍ය ආයතන 4ක් පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07)  පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා හොස්පිටලිස් සමාගම, හිල්ටන් හෝටල් සමාගම සහ හයට් රිජන්සි සමාගම යන ආයතන හතර මෙලෙස පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරිමට රජය තීරණය කර ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. 

ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද (08) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ප්‍රතිව්‍යූහගත කරණය යැයි පවසමින් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියක වත්මන් ආණ්ඩුව නියැලී සිටින බව ය.

Facebook
Twitter
LinkedIn