හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන වාර්තාව ඔක්තෝම්බර් මස 13ට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
කිසිදු බාධාවකට බලපෑමකට කෝප් කමිටුව යටත් නොවන බවත් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන බවත් සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනා ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුවට තිබෙන්නේ යැයිද කෝප් සභාපතිවරයා සඳහන් කළේ ය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේ ය.
කෝප් කමිටුව ඉදිරිපත් කළ අතුරු වාර්තාවේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නැතැයි කී මන්ත්‍රීවරයා හැකි ඉක්මණින් මේ වාර්තාව සභාවට ඉදිරිපත් කළ යුතුයැයිද පැවැසී ය.
කෙසේ නමුත් පසුගියදා ඉදිරිපත් කළ අතුරු වාර්තාවේද බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලට අදාළ තත්වය සඳහන් කර ඇති බවත් ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා සිදු කර ඇත්තේ සාවද්‍ය ප්‍රකාශයක් බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය.









