තාජුඩීන් ඝාතනය දවසේ ජනාධිපති මන්දිරයෙනුත් දුරකථන ඇමතුම්

Image result for wasim thajudeenප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සිදු වූ දින ජනාධිපති මැදිරියේ සිට නිකුත් වූ දුරකථන ඇමතුම් හා ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳවද පරීක්ෂණ පවත්වන බව මරණයට අදාළ නඩුව අද (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ අවස්ථාවේදී රජයේ නීතීඥවරයා අධිකරණයට කියා ඇත.

ජනාධිපති මැදිරියේ සිට හම්බන්තොට කාල්ටන් නිවස අතර සම්බන්ධයක් තිබී ඇතැයි  එම පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් මේ පිළිබඳවද වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් රජයේ නීතීඥවරයා ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට එදින හුවමාරු වූ දුරකථ ඇමතුම්වලට අදාළ සියලු දත්ත මකා දමා ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවදී අනාවරණය වූ පව පසුගිය නඩුවාරයේදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණ. 

එමෙන්ම කැනඩාවට යැවූ තැටිවල තිබූ CCTV දර්ශනද අපහැදිළි බැවින් එය හඳුනා ගැනීමට නොහැකි බව එම රසායනාගාරය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන බවද අද අධිකරණයට දන්වා ඇත.

Facebook
Twitter
LinkedIn