අඩසියවසකට පසුව ඇමෙරිකාව කියුබාවට ගොඩ බසී

වසර 50ක කාලයකට පසුව ඇමෙරිකානු මගී ගුවන් යානයක් පසුගිය සෙනසුරාදා කියුබාවේ හවානා ගුවන් තොටුපලට ගොඩබැස ඇති බව වාර්තා වේ.

බ්ලූ ජෙට් සමාගමට අයත් මෙම මගී ගුවන් යානය ෆ්ලොරීඩාහි ෆෝට් ලෝඩර්ඩෙල් ගුවන් තොටුපලේ සිට ඇමෙරිකානු ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ඇන්තනී ෆොක්ස් හා තවත් මගීන් 150 දෙනෙකු රැගෙන කියුබාව වෙත පැමිණ තිබේ. 

වසර 50කට ආසන්න කාලයක් දෙරට අතර නවතා තිබූ තානාපති සබඳතා පසුගිය වසරේ දෙසැම්බර් මස ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා කියුබාවේ කළ සංචාරයත් සමග නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර කියුබාව වෙත පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සූදානම් බව ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කර තිබේ. එහෙත් සත්‍යවශයෙන්ම මේ වනතුරු ඇමෙරිකාව කියුබාවට එරෙහිව පනවා තිබෙන ජාත්‍යන්තර සම්බාධක සියල්ල ඉවත් කිරීමට කටයුතු කර නොමැති බව වාර්තා වේ.Image result for jetblue flights came to cubaImage result for jetblue flights came to cubaImage result for jetblue flights came to cuba

Facebook
Twitter
LinkedIn