රන්භාණ්ඩ වෙන්දේසියකට සහභාගී වීම සඳහා බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ සිට ගිය මොහොමඩ් නස්රීන් නම් (35) හැවිරිදි ව්‍යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත.
වෙන්දේසිය සඳහා මෙම ව්‍යාපාරිකයා තවත් පිරිසක් සමග ඊයේ (04) දිනයේ පිටත්ව ගොස් ඇති අතර කන්තලේ ප්‍රදේශයේ හෝටලයක නතර වී මෙම වෙන්දේසියට සහභාගී වීමට ගොස් ඇති බව පැවසෙන අතර ඔහු සන්තකයේ රුපියල් කෝටියක පමණ මුදලක් තිබෙන්නට ඇතැයි පොලිස් පැමිණිල්ලේ සටහන් කර තිබේ.
Views: 0









