ජපානයේ ටෝකියෝ නගරයේ ආබාධිතයින් රැඳී සිටින මධ්‍යස්ථානයකට පුද්ගලයකු කඩා වැදී සිදු කළ ප්‍රහාරයකින් ආබාධිත පුද්ගලයින් 19 දෙනෙකෙු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා පිහි ප්‍රහාර එල්ල කර ඝාතනයන් සිදු කර තිබෙන අතර ප්‍රහාරයෙන් තවත් ආබාධිතයින් ඇතුළු 26 දෙනෙකු තුවාල ලබා ඇති බව පැවසේ. ප්‍රහාරයකයා පසුව පොලිසිය වෙත භාර වී ඇති අතර මොහු එම අබාධිත මධ්‍යස්ථානයේ මීට පෙර සේවය කර ඇති 26 හැවිරිදි සටෝෂි උමට්සු නම් පුද්ගලයකු බව අනාවරණය වී තිබේ.
මෑත ඉතිහාසයේ ජපානයෙන් වාර්තා වූ අමානුෂික සමූහ ඝාතනය මෙය වන අතර ආබාධිතයින් මේ ලෝකයෙන් තුරන් කර දැමිය යුතු යැයි ප්‍රහාරයකයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

Views: 0









