අධ්‍යාපන බලධාරින් දෙමව්පියනුත් සිසු දරුවනුත් රවටනවා

Image result for sri lanka education departmentවොට් 60ක විදුලි ධාරිතාවයකින් යුත් තෙකලා විදුලි බල සැපයුමක් සහිතව විවුර්ත කරන බවට පාසැල් සංවර්ධන සමිතියට ලිඛිතව ලබාදුන් පොරොන්දුවක් කඩ කරමින් මාතලේ විල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් නාමිනි ඔය ද්විතියික පාසලේ තාක්ෂණ විද්‍යාගාරය හා විද්‍යා පීඨය ලබන 21 වෙනිදින විවෘත කිරීමට දරන උත්සාහයට දෙමව්පියන් දැඩි විරෝධය පල කරන බවත් ඊට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව පාසැල් සංවර්ධන සමිතිය කියයි.

එහි සාමාජික ජයලත් බණ්ඩාර මහතා කියා සිටින්නේ දැනට පාසලට හා එම ප්‍රදේශයේ නිවාසවලට විදුලි බල මණ්ඩලයෙන් සපයා ඇත්තේ අඩු වෝල්ටීයතාවයකින් යුත් විදුලිය බවත් දැනට විවෘත කිරීමට සැලසුම් කර ඇති තාක්ෂණ විද්‍යාගාරයට සපයා ඇති  මිලියන ගනනාවක් වටිනාකමකින් යුත් පරිඝනක 100ක්  හා විද්‍යුත් උපකරණ, මෙවලම් පද්ධති, ලේත් මැෂින්, පැස්සුම් උපකරණ ආදිය අඩු වෝල්ටීයතාවයකින් භාවිත කිරීම නිසා ඒවා ක්රි යාකාරී තත්වයෙන් දුර්වල්වීමේ අවදානමක් ඇති විය හැකි බවය.

මේ පිලිබදව පාසලේ විදුහල්පත්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට අවස්ථා ගණනාවකදී සිදුවිය හැකි අවදානම පෙන්වා දී ඇති බවත්, අධ්‍යා පන අමාත්යංතශය වොට් 60 විදුලි බල ධාරිතාවයක් සදහා අවශ්‍ය ට්‍රාන්ස්ෆොර්මරයක් සවි කරන ලෙස විදුලි බල මණ්ඩලයට දැනුම් දි තිබෙන තත්වය තුළ එය සවි කිරීමට පෙර කඩිමුඩියේ විවෘත කරන්නේ අධ්‍යාපන කාර්යාලයේ ඉදිරි සතියේ විශ්‍රාම යන නිලධාරියෙකු හා තවත් නිලධාරීන් කීපදෙනෙකු සතුටු කිරීමේ වුවමනාවක් බවට හෙතෙම චෝදනා කරයි. 

එසේම මෙම පාසල් වාරය හා වාර පරීක්ෂණ ඉදිරි සතියෙන් නිමා වීමත් මාසයක පාසැල් නිවාඩු කාලයක් එළබෙන තත්වය තුළ මෙම විද්‍යා පීඨය කඩිනමින් විවෘත කිරීමේ කිසිදු වුවමනාවක් නොමැති බවද දෙමව්පියන් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn