රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අරගලයට ජවිපෙ සහාය

රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහයට සහාය පලකරමින් අද (19) දින පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජගිරියේ පිහිටි එම සත්‍යග‍්‍රහයට එක් විය.

700ක් පමණ ආයුර්වේදෙ උපාධිධාරීන් වසර 6ක් තිස්සේ රැකියා ලබා නොදීමට එරෙහිව පසුගිය 13 වැනි දින ආරම්භ කරන ලද සත්‍යග‍්‍රහය සඳහා මේ වනවිට දින 6ක් ගත වී ඇතත් තවමත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේන් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නැත.

මෙම සත්‍යග‍්‍රහය සඳහා එක් වූ නලින්ද ජයතිස්ස මහතා පැවසූයේ රුපියල් කෝටි ගණනින් වියදම් කරමින් සිංගප්පූරු ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගන්නා සෞඛ්‍ය ඇමතිවරයා රටේ වෛද්‍ය උපාධිධාරීන්ට පත්වීම් ලබා නොදෙමින් දේශීය සෞඛ්‍ය සේවය ජනතාවට අහිමි කිරීමට කටයුතු කරමින් සිටින බවය. 

දේශීය සෞඛ්‍ය ගැන බලාපොරොත්තු ගොඩක් ජනතාව මත පටවමින් බලයට පැමිණි පසුගිය ආණ්ඩුව සේම වර්තමාන ආණ්ඩුවත් ඒවා එළිපිට කඩකරමින් සිටින බවත් උපාධිධාරී වෛද්‍යවරුන්ගේ රැකියා ලබාගැනීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම සටනට ජනතා විමුක්ති පෙරමුණ ලෙස උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

Facebook
Twitter
LinkedIn