තුර්කි ආණ්ඩුව හමුදාව – පෙලිසිය සුද්ධ කරයි

පසුගියදා සිදු කළ අසාර්ථක කුමන්ත්‍රණයට සම්බන්ධවූ බවට සැකකෙරෙන තුර්කි පොලිසියේ 6000ක් ඇතුළුව හමුදාවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අධිකරණ විනිසුරුවන් ඇතුළු 8000ක් පමණ මේ වනවිට නෙරපීමටත් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට පත්වූවන් අතර හමුදාවේ ජෙනරාල්වරුන් ඇතුළු විශාල පිරිසක් සිටින බව වාර්තා වේ. තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කැරැල්ලට සම්බන්ධ වූ සියලුම දෙනා සොයා නෙරපා දැමීමට කටයුතු කරන බවත් කැරැල්ලට හේතු වූ වෛරසය රාජ්‍ය යාන්ත්‍රණය තුළින් මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවයි.

මේ වනවිට තුර්කි ආණ්ඩුව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අදාළ නීති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ සූදානමක්ද පවතින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn