නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවකු හා සම්බන්ධතා පැවැත්වීම නිසා කොළොන්නාව පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කිරීමට කටයුතු කර තිබේ.
මෙම වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හා පොලිස් ආරක්ෂක සහායකයකුගේ වන අතර ඊයේ (16) දිනයේ සිට මෙම වැඩතහනම බලපැවැත්වෙන පරිදි පනවා තිබේ.
මෙම නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
Views: 0









