ප්රංශ ජාතික දින සැමරුමට සමගාමීව ප්රංශයේ නීස් නුවර පැවැති ගිනිකෙළි සංදර්ශනයකට අවි ආයුධ සහිතව ලොරි රථයක් කඩා වැදී සිදු කළ අනතුරකින් මේ වනවිට පුද්ගලයින් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
බැස්ටීල දින සමරුම හෙවත් ජාතික දින සමරුම වෙනුවෙන් ගිනිකෙළ සංදර්ශනය පැවැති ඉතාලි-ප්රංශ දේශසීමාව ආසන්නයේ පිහිටි නීස් අගනුවරට මෙලෙස ප්රහාරය එල්ල කර තිබෙන අතර ප්රහාරයට පැමිණි පුද්ගලයා ප්රංශ හා ටියුනීසියානු සම්භවයක් ඇති මොහොමඩ් බවුලෙල් නම් 31 හැවිරිදි පුද්ගලයකු බව මේ වනවිට හඳුනාගෙන තිබේ.
සංදර්ශනය පැවැති භූමියේ විශාල පිරිසක් රැස්ව සිට තිබෙන අතර එම මාර්ගය වසා දමා තිබියදී කිලෝමිටර් දෙකක් පමණ දුරක සිට වේගයෙන් පැමිණි ලොරි රථය මෙලෙස මිනිසුන් යටකර ගෙන ගොස් ඇති බව පැවසේ. පසුව පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලොරි රථය පරික්ෂා කිරීමේදී එහි තිබී බෝම්බ හා ගිනිඅවි රැසක්ද හමුව තිබේ.
ප්රහාරයේ වගකිම මෙතෙක් කිසිවකුත් භාරගෙන නොමැති අතර පසුගිය නොවැම්බර් මාසයේ එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසුව එල්ල වූ දරුණුම ප්රහාරය බව වාර්තා වේ.










