දූපත් ප්‍රශ්නය පිළිබඳව චීනය දැඩි ස්ථාවරයක

ආන්දෝලනාත්මක දකුණු චීන මුහුදේ දූපත් අයිතිය පිළිබඳව මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් චීන නිල පුවත් සේවය සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් ඇමෙරිකාව විවේචනය කර තිබේ.

එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ චීනයට විරුද්ධව පිලිපීනය හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ ඇමෙරිකානු වුවමනාවට බවත් එය ඇමෙරිකානු වුවමනාව මත රඟ දැක්වෙන විකට රංගනයක් බවත්ය. හේග් ජාත්‍යන්තර අධිකරණයේ කටයුතු දැඩිව ප්‍රතික්ෂේප කරමින් චීනය අවධාරණය කර ඇත්තේ චීනයේ නැගීම දරාගත නොහැකිව එය වැළැක්වීම සඳහා ඇමෙරිකාව දියත් කර ඇති කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම අධිකරණ ක්‍රියාවලිය පෙනෙන්නට තිබෙන බවය.

චීන ෂිංෂුවා පුවත්පත සඳහන් කර ඇත්තේ සමස්ථ අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මෙම මුහුදු ප්‍රදේශයේ චීනයට ඇති අයිතිය ඉතිහාසය තුළින්ද තහවුරු වන බවයි. මෙම තත්වය යොදා ගනිමින් පසුගිය කාලය පුරාවට බටහිර මාධ්‍ය චීන ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කරමින් තිබෙන බවද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

දකුණු චීන මුහුදේ එම දූපත්වල අයිතිය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර අධිකරණ නඩු විභාගයේ අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එම තීන්දුව හරහා නැවත වරක් කලාපයේ රටවල් අතර ගැටුමක් නිර්මාණය කිරීමේ බොහෝ ඉඩකඩ නිර්මාණය වනු ඇති බවට ඉඟි පළවේ. කෙසේ වෙතත් මෙම දූපත්වල අයිතිය පිළිබඳව චීනයට අමතරව වියට්නාමය, පිලිපීනය, මලයාසියාව, තායිවානය අයිතිය ප්‍රකාශ කර තිබේ. 

චීනයේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි වටිනාකමක් හිමි මුහුදු කලාපයක පිහිටා තිබෙන මෙම දූපත් පිළිබඳව චීනය සිය ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනස් නොකරනු ඇති බව පැවසේ.Chinese dredging vessels are purportedly seen in the waters around Mischief Reef in the disputed Spratly Islands

 

 

Facebook
Twitter
LinkedIn